March 28, 2024

අමරපුර මහා නිකායේ අභිනව මහා නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය අද

අමරපුර නිකායේ මහ නායක දොඩම්පහළ චන්ද්‍රසිරි හිමියන් උත්තරීතර මහා නායක පදවියට පත් කිරීම සම්බන්ධ අක්තපත්‍ර ප්‍රදානය කිරිමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අද (14) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි.

පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙම උත්සවය පැවැත්වෙන අතර මේ අවස්ථාවට ගිහි පැවිදි පිරිසක් සහභාගි වීමට නියමිතයි.

ජනාධිපති ලේකම් කාර්යාලය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා තරුණ සේවා සභාව මෙම උත්සවය සංවිධානය කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළා.

අමරපුර මහා නිකායේ අභිනව මහා නායක ධූරයට පත් අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි හිමියන් මාතර - දොඩම්පහළ ග්‍රාමයේ දී උපත ලැබුවේ 1939 දෙසැම්බර් 29 වැනි දිනයි.

කුල කුමරු පැවිදි දිවියට ඇතුළත් වූයේ 1950 වසරේදීයි. මිහින්තලය “කළුදිය පොකුණ තපෝවනය“ කෑගල්ල අභයභූමි තපෝවනය ඇතුළු භාවනා මධ්‍යස්ථාන රැසක් බිහි කිරීමට මුල් වූයේ දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නා හිමියන්.

උන්වහන්සේ අමරපුර මහා නිකායට අනුබද්ධ ශ්‍රී කල්‍යාණ වංශ නිකායේ මහානායක ධුරය ද දැරූ අතර, අමරපුර මහා නිකායේ ඉහළ තනතුරු රැසක් ද හොඹවා තිබෙනවා.

Rate this item
(0 votes)