March 29, 2024

දුම්රිය ස්ථානාධිපතිවරු යළි වැඩ වර්ජනයේ

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ ක්‍රියාත්මක කළ සංඛේත වැඩවර්ජනය අවසන් කර පැය කිහිපයක් ගතවීමට පෙර නැවතත් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතු කර ඇති බවට චෝදනා කරමින් මෙලෙස නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් අද දහවල් හදිසියේ රාජකාරීවලින් ඉවත්වී ඇති බවයි වාර්තා වන්නේ.

එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසුවේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් අත්තනෝමතික ලෙස තම සංගමයේ උපසභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට විරෝධය පලකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි. 

Rate this item
(0 votes)