April 25, 2024

වෙන්න ජනපතිලාට රනිල්ගෙන් විශේෂ පණිවිඩයක්

ජනපති සිහිනය ගැන හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය මතය ප්‍රකාශ තිබෙනවා.

ජනපති වීමට බොහෝ දෙනකුගේ බලාපොරොත්තුවක් තිබෙන බවයි වික්‍රමසිංහ මහතා හෙළිදරව් කරන්නේ.

ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම

ඒ අය දැන් එම බලාපොරොත්තුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇති බව සඳහන් කරන වික්‍රමසිංහ මහතා තමන් කිසි විටෙකත් එවැනි බලාපොරොත්තුවක් ගැන ප්‍රකාශයක් කර නැති බවත් පෙන්වා දෙනවා.

එහෙත් කළ යුතුව තිබෙන්නේ පුද්ගලයින් තෝරන එක නොව ප්‍රතිපත්ති තේරීම බව ඔහු අවධාරණය කරනවා.

ඒ නිසා ප්‍රතිපත්ති තීරණය නොකොට පුද්ගලයින් තේරීම තේරුමක් නැති වැඩක් බවයි වික්‍රමසිංහ මහතාගේ මතය.

ඵලක් නොවන වැඩ පිලිවෙල

ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තියක් නැතුව කවුරු ජනපති ධූරයට තේරුවත් ඉන් පලක් නොවන බව ඔහු පෙන්වා දෙනවා.

තමා දැන් තම පක්ෂයේ තනි මන්ත්‍රිවරයා හැටියට ප්‍රතිපත්ති මේ දේශපාලනයක් තුළ කරන බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පුද්ගලික සේවයක් සමග කළ සාකච්ඡාවකදී.

Rate this item
(2 votes)
Last modified on Friday, 14 January 2022 09:17