April 20, 2024

සුසිල් පන්නපු එක ගැන මගෙන් අහල වැඩක් නැහැ : අගමැති හේතුව කියයි Featured

ජනපතිවරයා සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපීම සම්බන්ධයෙන් තමා ගෙන් අසා වැඩක් නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

ඒ ඊට හේතුද දක්වමින්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වභාවය

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යම් කෙනෙකු නෙරපීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඇසීම තේරුමක් නැති වැඩක් බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

තමා ජනපති ධූරය දැරූ කාලයේ අනුර බණ්ඩාරනායක , මංගල සමරවීර හා ශ්‍රීපති සූරියආරච්චි යන මහත්වරුන්ව ඔවුන් දැරූ දැරූ තනතුරු වලින් නෙරපු අයුරුද අග්‍රාමාත්‍යවරයා මතක් කර දෙනවා.

අගමැතිගෙන් විමසීම

එදා කවුරුත් ඒ තීරණයට තමා එකඟදැයි එවකට සිටි අග්‍රාමාත්‍යවරයාගෙන් (රත්නසිරි වික්‍රමනායක මහතා) විමසුවේ නැති බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

තමාට 2005 වර්ෂයේ දී ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා හැටියට සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කළ උපකාර තමන්ට අමතක නැති බවද අමාත්‍යවරයා මතක් කර දෙන්නේ ස්තුති පූර්වකව.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සති අන්ත ජාතික පුවත් පතක් සමඟ කළ සාකච්ඡාවකදී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපීම සම්බන්ධයෙන් තමාගේ කැමැත්ත විමසුවා දැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 14 January 2022 08:46

Related items