April 24, 2024

නායක හිමිනම බැහැ දකින්න ගිය මෛත්‍රීට සින්දුවක් අහන්න දෙයි (VIDEO)

රටටත් ජනතාවටත් සෙත්පතා නෙළුම්මල් 14000ක් පූජා කිරීම හා කප්රුක් වන්දනාවන් අද(13) අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑරඳුන් අභියසදී පැවැත්වුණා.

එය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින්. ඒ සඳහා ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වී සිටියා.

මහා සංඝරත්නයේ වැඩමවීමෙන් රටටත් ජනතාවටත් සෙත්පතා පිරිත් සජ්ජායනයක් සිදු කල අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුතින් පත් වූ දිස්ත්‍රික් සංවිධායකවරු ඇතුලු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම ආගමික වැඩසටහන සඳහා සහභාගී වී තිබුණා.

එහිදී හිටපු ජනාධිපතිවරයා රුවන්වැලි චෛත්‍යාරාමධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

එම අවස්ථාවේ පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන් විසින් රචනා කළ ගීතයක් ද හිටපු ජනාධිපතිවරයාට සවන්දීමට කටයුතු සලසා තිබුණා.

අනතුරුව රුවන්වැලිසෑය වැඳපුදාගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වාතිබුණා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)