March 29, 2024

පොහොට්ටුව ඇතුළේ ඉඳන් විරුද්ධ වෙන අය ගැන තීන්දුවක් ගනී (VIDEO)

ආණ්ඩුවේ ඇතුළේ ඉඳන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට අනුව වැඩ කටයුතු සිදු නොකරන, පක්ෂයට ගරහන සියලු දෙනාට එරෙහිව නැගී සිටීමට තීන්දුවක් ගෙන ඇතැයි විදේශ අමාත්‍යංශය මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා පවසනවා.

ආණ්ඩුවේ ඉදිරියෙන් සිටින පසුපෙල මන්ත්‍රීවරු කණ්ඩායමත්, තරුණ සංවිධාන ඇතුළු අනෙකුත් සංවිධාන සියල්ලත් ඒකමතිකව එම තීරණය ගත් බවයි හෙතෙම ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද(13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

සුසිල් ප්‍රේම්ජයන්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ගැන අදහස් පළ කරමින් බුද්ධික වික්‍රමාදර මහතා සඳහන් කළේ සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ හිමිවීම් අහිමිවීම් සම්බන්ධයෙන් තියෙන සංකල්ප ගැන ගැටලුවක් ඇති බවයි.

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විතරක් නොව වෙනත් අයත් පක්ෂය ඇතුලේ වැරදි තැනකට යනවානම් රටේ ජනතාවගේ අයිතීන් නැති කිරීමට බලාපොරොත්තු වෙනවානම් සිය පක්ෂය රැක ගැනීමට තමන් සූදානම් බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)