April 25, 2024

උතුරට තෛපොංගල් සරු නොවන ලකුණු! කඩ සාප්පු පාලුවට ගිහින් (PHOTOS)

2022 වසර හින්දු ජනතාවගේ චාරිත්‍රයට අනුව තෛපොංගල් උදාව මෙවරද සැමරීමට උතුරේ වැසියන් සූදානමින් සිටිනවා.

හෙට දිනයේ සමරන තෛපොංගල් වෙනුවෙන් උතුරේ ජනතාවට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව තිබීම හේතුවෙන් මෙවර තෛපොංගල් උදාව එතරම් සරු නොවන බවට උතුරේ වැසියන් පවසනවා.

අත්‍යවශ්‍ය ආහාර ඇතුලු සියලුම ද්‍රව්‍යන්වල මිල ගණන් සීග්‍රයෙන් ඉහල යාම, පොහොර නොමැති වීමෙන් මහකන්නයේ ගොවිතැන් කටයුතු සාර්ථක නොවීම ආදි ප්‍රධාන කරුණු හේතුවෙන් උතුරේ වැසියන්ට මෙවර තෛපොංගල් සැමරීමට නොහැකි වී තිබෙනවා.

වෙළඳසැල් වෙතට පිවිස අලුතින් වලන්, මුට්ටි මෙන්ම ඇඳුම් පැළඳුම් හා ආහාර පාන මිලට ගැනීමට වෙනත් වසරවල තෛපොංගල් දිනට පෙර දිනයේ විශාල පිරිසක් රැස්වුනද මෙවර එවැනි වාතාවරණයක් දක්නට නොමැති බවට උතුරේ වෙළඳසැල් හිමියන් පවසනවා.

හෙටින් උදාවන තෛපොංගල් උදාවේ උදෑසනම හින්දු බැතිමතුන් විසින් උක් ගසින් වට වූ මණ්ඩපයක අලුත් සහල්වලින් උක් සකුරු හා පළතුරු වලින් සාදා ගන්නා ලද ප්‍රණීත කිරිබත් සාදා මල් පහන් දල්වා හිරු දෙවියන් හට සිදු කරන ලද සූර්ය දේව විශේෂ පූජාවක් සිදු කරනු ලබන අතර එම පූජාවෙන් ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ නව වසරේද තම කෙත් වතු සරු සාර වී සාර්ථක දිවි පෙවතක් ගත කිරීමට අවස්ථාව උදාවේවා යන සිතුවිල්ලෙනි.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 January 2022 19:01