April 25, 2024

ආණ්ඩුව හදන්න මහන්සි වූ ධනසිරි දුක වැඩිකමට තැබූ සටහන

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු සඳහා මුල්ගල තැබීමේ උත්සවයට තමා හට ආරාධනා නොකිරීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල ආසනයේ ප්‍රධාන සංවිධායක ධනසිරි අමරතුංග මහතා සිය කණස්සල්ල පළ කර තිබෙනවා.‍

ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටින්නේ "කොහුවල හන්දියේ ගුවන් පාලමක් හැදීමට මුල්ගල තියන්න පිටරටක ඇමති කෙනෙක් සහ අපේ රටේ මහා මාර්ග ඇමති ‘මගේ මිත්‍ර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මා’ ඇවිත් මුල්ගල තියලා ගිහිල්ලා තියනවා. කියන්න කණගාටුයි දෙහිවල ආසනේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මම. නමුත් මට කවුරුත්ම ආරාධනා කරෙත් නෑ මම දන්නෙත් නෑ. හයියෝ පුදුම ආණ්ඩුවක්.... අපිම ආණ්ඩුව හදලා, අපි ආණ්ඩුව හදන්න කෝටි ගණන් වියදම් කරලා, අපි ආණ්ඩුව හදන්න මහන්සිවෙලා හිඟාකාලා හිඟාකාලා ඡන්ද ටික එකතු කරල ආණ්ඩුව හැදුනට පස්සේ ආණ්ඩුවේ ඉන්න ලොකු මහත්තුරුන්ට ආණ්ඩුව හදන්න මහන්සි වුණ අපිව දැන් අමතකයි හරිම කණගාටුයි...!" යනුවෙනි.

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු නිලවශයෙන් මුල්ගල තබා ආරම්භ කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහ හංගේරියානු රජයේ වෙළඳ හා විදේශ කටයුතු අමාත්‍ය පීටර් සියාටෝ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) කොහුවල මංසන්ධියේ දී සිදු කෙරුණා.

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට පිලියම් ලෙස හංගේරියානු රටේ මූල්‍යාධාර මත කොහුවල ගුවන් පාලම ඉදිකිරීමට නියමිතයි. 

ඔහු තැබූ සම්පූර්ණ ෆේස්බුක් සටහන පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Thursday, 13 January 2022 15:50