April 25, 2024

විදෙස් ජාතිකයෙක් මහනුවරදී පැරෂුටයකින් ඇද වැටෙයි

ගලහා පොලිස් වසමේ ලූල්කදුර ප්‍රදේශයේ සිට පැරිෂුට් එකකින් ගමන් කරමින් සිටි රුසියානු ජාතිකයෙකු අනතුරකට මුහුණ පා තිබෙනවා.

ඔහුගේ පැරිෂුටය රැලිමංගොඩ ප්‍රදේශයට ගොඩබාමින් තිබිය දී අඩි 30ක් පමණ උස ගසක පැටලීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ.

තුවාල ලැබූ විදේශිකයා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

Rate this item
(0 votes)