April 20, 2024

මෙහෙම ගියොත් ඒකත් වෙයි : ප්‍රධාන විධායකගෙන් පක්ෂ නායක සජිත්ට අනතුරු ඇඟවීමක්

අකුරක් නෑර මාධ්‍යයට ගිය සමගි ජන බලවේග කළමනාකාර රැස්වීමේදී පක්ෂයේ ප්‍රධාන විධායක අජිත් පී පෙරේරා මහතා විසින් පක්ෂ නායකයාට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඒ මෙහෙම ගියොත් මන්ත්‍රීවරු ගැලවෙන්න පුළුවන් ලෙසටයි.

එජාප නායකයාගේ හොඳ

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුද වූ අජිත් පී පෙරේරා මහතා මෙම අනතුරු ඇඟවීම කර තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ තමන්ට සිදු වූ අසාධාරණයක්ද පෙන්වා දෙමින්.

මෙම අසාධාරණය පෙන්වා දීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට ඉතා හොඳ අමාත්‍යංශ දී සලකපු බවත් එහෙත් තමන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්සත් ජාතික පක්ෂයෙන් පළමුවෙන්ම එළියට බැස්ස බවත් හිටපු මන්ත්‍රීවරයා මතක් කර දී තිබෙනවා.

මරන්න ආපු කෙනා සංවිධායක

ඉන් පසුව සිය දුක් ගැනවිලි ඉදිරිපත් කරමින් අජිත් පී පෙරේරා මහතා සඳහන් කර තිබෙන්නේ තමන්ව මරන්නට ආපු පුද්ගලයා කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස පත්කර ඇති බවයි.

මෙහිදී එම පුද්ගලයාගේ නම අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කර නැති ඒ හිටපු බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු වන ප්‍රසන්න අමරසේකර මහතා බවටයි බවටයි වාර්තා වන්නේ.

මෙම සංවිධායක ධුරය ලබාදී තිබෙන්නේ රාජිත සේනාරත්න මහතාගේ මැදිහත්වීම මත බවටත් තොරතුරු වාර්තා වනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 January 2022 22:03