March 29, 2024

සිරිසේනට එරෙහි ප්‍රහාරත් ප්‍රබල වේ : එජාපයෙනුත් ප්‍රහාරයක් : කොහෙවත් හිටි සිරිසේන ජනපති කලේ අපි

මේ දිනවල හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හතර වටේටම ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ.

වත්මන් ආණ්ඩුවට පමණක් නොව තමන් ජනපති ධූරය දැරූ යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරු වූ එක්සත් ජාතික පක්ෂයටද එල්ල කරන ප්‍රහාර ඒ අතර තිබෙනවා.

ඇමති කෙනෙක් එලියට

වංචා හා දූෂණ නිසා මගේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් එලියට දැම්මේ තමන් ජනපති ධුරය දැරූ කාලයේ බව සිරිසේන මහතා මීට ටික දිනකට පෙර ප්‍රකාශ කළා.

ඔහු එසේ මණ්ඩලයෙන් ඉවත් කළේ එවකට ඇමති ධුරයක් දැරූ රවී කරුණානායක මහතාවයි.

මහබැංකු චෝදනා රැසකින්ද නිදහස්ව සිටින කරුණානායක මහතා කලකට පසු මාධ්‍ය හමුවට පැමිණියේ සිරිසේන මහතාගේ එම කතාවට ප්‍රතිචාර දැක්වීමටයි.

වීඩියෝ පට මාධ්‍ය හමුවට

එහිදී කරුණානායක මහතා මීට ටික දිනකට පෙර හා යහපාලන ආණ්ඩු සමයේ කළ ප්‍රකාශ ඇතුළත් වීඩියෝ පට කිහිපයක් මාධ්‍ය හමුවේ තැබුවා.

ඉන් පසුව අදහස් දැක්වූ කරුණානායක මහතා සඳහන් කලේ සිරිසේන මහතා හිටි හැටියේම ක්‍රියාකාරී දේශපාලනයට පැමිණ ඇති බවයි.

ඔහුගේ දේශපාලනය ඕන විදිහකට කරගත්තට ගැටළුවක් නැති බවත් එහෙත් අන් අයගේ කීර්තිනාමයට මෙන්ම ඔහු එදා සිටම උත්සාහ කළ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට ඉඩ තියන්නේ නැති බවද කරුණානායක මහතා අවධාරණය කරනවා.

සිරිසේන මහතාට අමතක වූනාට මතක් කළ යුතු කරුණක් ගැනද එහිදී කතානායක මහතා සඳහන් කළා.

ඒ කොහෙවත් සිටි සිරිසේන මහතාව ජනපති කළේ එ.ජා.පය බවයි.

එදා සිරිසේන මහතා ජනපති වූයේ එජාපයට තිබූ ශක්තිමත් ඡන්ද පදනම නිසා බවද කරුණානායක මහතා මතක් කර දෙනවා.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 12 January 2022 12:46