April 25, 2024

දයාසිරිගෙන් මුට්ටියක් : යූඇන්පි ආණ්ඩුව සලකපු හැටි කියයි

පැවැති යහපාලන ජාතික ආණ්ඩුවේ සිටි එක්සත් ජාතික පක්ෂය තමන්ට හොඳට සැලකූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරනවා.

ඒ එම ආණ්ඩුවට කිසිම උදව්වක් නොකර බවයි මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

බාගයක් අපිට

යහපාලන ආණ්ඩුව යටතේ එක් ග්‍රාම සේවා කොට්ඨාසකට රු. ලක්ෂ 20ක මුදලක් ලබා දෙන විට තම පාර්ශ්වයට ඉන් රුපියල් ලක්ෂ 10 ක් ලබාදුන් බව ජයසේකර මහතා හෙළිදරව් කරනවා.

ඒ රු.ලක්ෂ 10 ගෙන තමන් ගම් ඇතුලේ වැඩ කළ බව අවධාරණය කරන මහ ලේකම්වරයා එදා එම මුදල ලැබුණේ තමන් මුල්වී ගොඩනැඟූ ආණ්ඩුවකින් නොවන බවත් අනාවරණය කරනවා.

එහෙත් ශ්‍රී.ල.නි.පය ලබා දුන් සහය මත බිහි කරන ලද වත්මන් ආණ්ඩුව ගම් වලට වැඩ කිරීම සඳහා තමන්ට සතයක්වත් ලබාදී නැති බවට ජයසේකර මහතා චෝදනා කරනවා.

ඇමතිගෙන් ඉල්ල ගන්න

තමන් කුරුණෑගල පාරවල් ප්‍රතිසංස්කරණ සඳහා නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රතිපාදන ඉල්ලූ බවත් එහිදී තමන්ට කුරුණෑගල ගැන කිසිවක් කිරීමට නොහැකි බව ඔහු සඳහන් කළ බවද ජයසේකර මහතා හෙළිදරව් කරනවා.

එම ප්‍රතිපාදන එම දිස්ත්‍රික්කයේ අසවල් ඇමතිගෙන් (ජොන්ස්ටන් ප්‍රනාන්දු) ඉල්ලා ගන්නා ලෙස ලන්සා රාජ්‍ය ඇමතිවරයා තමාට දැනුම් දුන් බවද සඳහන් කරන මහ ලේකම්වරයා මෙවන් සිද්ධීන් මත වේදනාවක් ඇති වෙන්නේ නැති දැයි ප්‍රශ්න කරනවා.

තමන් මේ දේවල් කියනකොට තමන් ආණ්ඩු විරෝධියෙකු ලෙස හංවඩු ගසන බවයි ජයසේකර මහතා පෙන්වා දෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 11 January 2022 11:36