April 19, 2024

දෙමව්පියන්ට තවත් ගැටළුවක් - දරුවන් පාසල් යවන්නේ පයින්ද?

අද සිට රට පුරා පාසල් සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ පාසල් ළමුන් පැමිණීම ඉතා ඉහළ මට්ටමක පැවති බව දක්නට ලැබුණු බවයි.

පාසල් ආරම්භ වීමත් සමඟ පාසල් වෑන් රථ සහ පොදු ප්‍රවාහන සේවාවන් සිසුන් භාවිතා කරනු ලබනවා.

එවන් පසුබිමක පාස් වෑන් රථ සඳහා අය කරන මුදල වැඩි කළ යුතු බව වෑන් රථ රියදුරන් සඳහන් කරනවා.

පාසල් වෑන් රථ රියදුරන් මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා,

"රුපියල් 1000කින් වගේ වැඩි කරන්න නියමිතයි. ඔයිල් ගාස්තු හැම එකම වැඩියි. ඒ නිසා මේ සේවාව කරගෙන යන්න අපහසුයි."

"වැඩි කරන්න ඕනෙනේ. හැමදේම ගණන් ගිහිල්ලනේ තියෙන්නේ."

"ඩිසල් ලිටරේ රුපියල් 94ට තිබුණු ගානට තමයි අපි දුවලා තිබුණේ. දැන් රුපියල් 30කට ආසන්නව වැඩි වෙලා තියෙනවා. අපිටත් දැන් වැඩි කරන්න සිද්ධ වෙනවා."

එලෙස වෑන් රථ සඳහා අය කරනු ලබන මුදල වැඩි කළහොත් වෙනම තවත් වියදමක් දැරීමට දෙමව්පියන් හට සිදු වෙනවා.

ගෑස් අර්බුධ, එළවළු මිල වැඩි වීම් වැනි ආර්ථික අර්බුධතා රැසක් මැද දරුවන් පාසල් යැවීමේදී පාසල් වෑන් රථ සඳහා මුදල් වැඩි කිරීමේ බරත් දරන්නට සිදු වී තිබෙනවා.

දරුවන්ට පොදු ප්‍රවාහනය භාවිතයේ දී ගැටළු රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. මාර්ගෝපදේශ නිසි පරිදි භාවිතා කරමින් පාසලට යාම ගැටළුවක් වී තිබෙන අතර බස් රථ තුල දරුවන්ට දුරස්ථභාවය රැකගනිමින් පාසල් යාම අර්බුධයක් වී තිබෙනවා.

මෙලෙස වෑන් ගාස්තු වැඩි කිරීම මඟින් දරුවන් පාසල් යැවීම තවත් අර්බුධයකට යන බව නොරහසක්.

මෙලෙස සිමා මායිම් සමඟ පොදු ප්‍රවාහනය භාවිතා කල නොහැක. දුරස්ථභාවය රැකගනිමින් දරුවන් පාසල් වෙත යොමු කරන්නේ කෙසේද? ගාස්තු වැඩි කිරීමක් සිදු වුවහොත් දෙමව්පියන් අන්ත අසරණභාවයට පත් වෙනවා.ගාස්තු වැඩි වීමක් සිදු වන්නේ නම් දරුවන්ව පාසල් යැවීමට සිදු වන්නේ පයින්ද?

 

Rate this item
(0 votes)
Last modified on Monday, 10 January 2022 17:00