April 25, 2024

ලංකාව හාරන්න චීනය යෝධ යන්ත්‍රයක් නිපදවයි! හෑරිල්ල අස්සේ කෝටි ගාණක ජාවාරමක්?

ශ්‍රී ලංකාවට එවීම සඳහා චීන සමාගමක් විසින් යෝධ උමං විදින යන්ත්‍රයක් හෙවත් TMB යන්ත්‍රයක් නිෂ්පාදනය කර ඇති බව චීනයේ “ෂින්හුවා” පුවත් සේවය පවසනවා.

පසුගිය බ්‍රහස්පතින්දා (06) මෙම යන්ත්‍රයෙහි කොටස් එකළස් කර ඇති බව යි වාර්තා වන්නේ.

එරට දුම්රිය ඉදිකිරීම්, බර කර්මාන්ත සංස්ථාවට අයත් චැංෂා නගරයේ ශාඛාවක් මගින් මෙම යන්ත්‍රය නිමවා ඇති බව ෂින්හුවා පුවත් වාර්තාව පවසනවා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අදාළ යන්ත්‍රය නුදුරේ දී ශ්‍රී ලංකාව වෙත ගෙන ඒමට සූදානමින් පසුවන බව යි.

එක තැන කැරකෙන සිංහයා

මෙම යන්ත්‍රය විශ්කම්භයෙන් මීටර 7.6ක් වනවා.

ෂින්හුවා වාර්තාවෙහි සඳහන්ව ඇත්තේ මෙම යන්ත්‍රය ශ්‍රී ලංකාවෙහි දිගින් වැඩිම උමං ව්‍යාපෘතිය සඳහා භාවිත කරන බව යි.

එම උමග කිලෝමීටර 27ක දිගින් යුතු බවත්, එම උමග හෑරීම සඳහා මෙලෙස මෙම යන්ත්‍රය නිපදවූ බවත් චීන පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම උමං වාරි ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවෙහි නියං සමයට සහනයක් ගෙන දෙනවා මෙන්ම ගංවතුර පාලනයට ද ඉවහල්වනු ඇතැයි ෂින්හුවා පුවත් සේවය පළ කොට ඇති පුවතෙහි අන්තර්ගත වනවා.

අදාළ පුවත් වාර්තාවත් සමග එම යන්ත්‍රයෙහි කෙටි වීඩියෝවක් ද පළ කොට ඇති අතර එහි දැක්වෙන්නේ යන්ත්‍රයෙයි පොළව විදින කොටස ශ්‍රී ලංකා කොඩියෙහි ඇතුළත් සිංහයා යොදා වර්ණ ගන්වා ඇති බව යි.

මොකද්ද මේ හෑරිල්ල?

මේ අතර මෙම පුවත් වාර්තාවෙහි ඇතුළත් දත්ත සමග සැසඳෙන මෙරට ව්‍යාපෘතිය වන්නේ ඉහළ ඇලහැර ඇල මාර්ගය කැනීමේ ව්‍යාපෘතිය යි.

මෙම ව්‍යාපෘතිය කොටස් දෙකකින් යුතුවනවා.

කළු ගඟ සහ මොරගහකන්ද ජලාශ අතර උමං දෙකකින් යුතු ඇළ මාර්ගය ඉන් පළමුවැන්නවන අතර දෙවැන්න මොරගහකන්ද ජලාශයේ සිට යකල්ල දක්වා විහිදෙනවා.

ඒ සඳහා ඉදිවන උමගෙහි දිග කිලෝමීටර 28ක් බව මහවැලි අධිකාරිය පවසනවා.

මෙම ව්‍යාපෘතියට අනුව ජලය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට යකල්ල පත්වනවා.

යකල්ලේ සිට ඇළ මාර්ග තුනක් යොදාගෙන ජලය ඉදිරියට රැගෙන යාමට නියමිත යි.

උමග ඇතුලේ මහා හොරකමක්!

මේ අතර මෙම ව්‍යාපෘතිය හරහා මහා පරිමාණ මුදල් වංචාවක් සිදුකිරීමේ සූදානමක් පවතින බවට චෝදනාවක් ද එල්ල වී තිබෙනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේ මෙම ව්‍යාපෘතිය හරහා ඩොලර් මිලියන 35ක විශාල වංචාවක් සිදු කිරීමේ සූදානමක් පවතින බව යි.

උමං හෑරීම පිටුපස ඇත්තේ විශාල ජාවාරම් බව යි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

රණවක මහතාගේ අදහස් ඇතුළත් හඬපටය පහතින් ශ්‍රවණය කරන්න…

සබැඳි පුවත්: චීන අධි තාක්ෂණික ඩ්‍රෝනයක් උතුර පරීක්ෂා කරයි! පුරාවිද්‍යා ගොඩනැගිලිත් නිරීක්ෂණයට!

Rate this item
(0 votes)
Last modified on Monday, 10 January 2022 10:46