April 20, 2024

"පොහොර නැවට වන්දි ගෙව්වට කමක් නැහැ" - ඇමැති මහින්දානන්ද දෙබිඩි පිළිවෙතක

චීන සමාගමේ පොහොර නැවට මිලියන 6.7ක් ගෙවීම ටෙන්ඩර් කොන්දේසි අනුව නීතිපතිවරයාගේ උපදෙස් අනුව සිදු වූවක් බවත් එම ගනුදෙනුවේ කිසිදු වරදක් හෝ වංචාවක් සිදුව නැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා.

එම පොහොර සමාගම ඇමරිකන් ඩොලර් මිලියන පහක ඇපකරයක් තබා ඇති බවද එය නිදහස් කර නැති බවද පෙන්වා දෙන අමාත්‍යවරයා නැවත එම සමාගම ගුණාත්මක පොහොර මෙරටට ලබා දීමට එකඟ වී ඇති බවත් එසේ එවන පොහොරද නිසි පරික්ෂාවකින් තොරව රට තුලට නොගන්නා බවත් සඳහන් කළා.

චීන පොහොර නැවට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් මහජන බැංකුව විසින් මුදා හැර ඇති බව වාර්තා වෙනවා.

ඒ අදාළ නැවෙන් මෙරටට රැගෙන ආ කාබනික පොහොර අදාළ පිළිවිතරයන්ට නොමැති බවට චෝදනා කරමින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මතු වූ අර්බුදය සමථයකට පත් කරගැනීම සඳාහායි.

මෙම පොහොර තොගය රැගත් 'හිපෝ ස්පිරිට්' නෞකාව දින 70කට ආසන්න කාලයක් මෙරට මුහුදු සීමාවේ රැඳී සිටීමෙන් අනතුරු ව සිංගප්පූරුව වෙත ගමන් කළේ, ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියාවලියකට යොමු වීම සඳහායි.

මේ සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණයෙන් පනවා තිබූ නඩුව දෙපාර්ශවයේ ම එකඟතාව මත බේරුම්කරණ පදනම යටතේ ඉල්ලා අස්කර ගැනුණේ, අදාළ චීන කාබනික පොහොර සමාගමට ඇමරිකානු ඩොලර් ඩොලර් මිලියන 6.7ක් ගෙවීමේ එකඟතාව මතයි.

කෙසේ වෙතත් මහජන බැංකුවේ ප්‍රධාන විධායකවරයා සඳහන් කළේ, අදාළ සමාගම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක වන්දි මුදලක් ගෙවූ බවයි.

මිට පෙර කෘෂිකර්ම අමාත්‍යවරයා පුන පුනා කියා සිටියේ චීන පොහොර නැවට මුදල් නොගෙවන බවයි.                   

 

 

Rate this item
(0 votes)