March 29, 2024

මට බැනපු සුසිල් මගේ මස්සිනා : ඒකයි දුක - ඇමති කැබිනට්ටුවේදී කියයි

සුසිල් ප්‍රේම්ජයන්ත මහතාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට බලපෑ ආසන්නම හේතුව ලෙස සැලකෙන්නේ ඔහු දෙල්කඳ පොළේදී මාධ්‍ය හමුවේ ආණ්ඩුව තදින් විවේචනය කිරීමයි.

එහිදී ඔහු ඇමැතිවරුන් දෙදෙනකුගේ ක්‍රියා කලාපයද විවේචනය කළා.

විවේචනය කළ ඇමතිවරු

ඒ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන හා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ යන ඇමැතිවරු.

මේ දෙදෙනාගෙන් එක් අයෙක් සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ මස්සිනා බවයි දැනගන්නට තිබෙන්නේ.

ඇමතිගේ දුක

තමාගේ මස්සිනා තමන්ට බැනපු අයුරු ගුණවර්ධන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේදීද ප්‍රකාශ කළ බවයි දැනගන්නට තිබෙන්නේ.

"සුසිල් මගේ මස්සිනා. මගේ ගෙවල් ළඟ පොලට ගිහින් මාවත් විවේචනය කරනවා." ගුණවර්ධන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය අමතා ප්‍රකාශ කළ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ නිවස පිහිටා තිබෙන්නේ දෙල්කඳ පොළ ආසන්නයේම වන අතර ගුණවර්ධන අමාත්‍යවරයා ගේ නිවස පිහිටා තිබෙන්නේ ඊට ටික දුරකට එහා තිබෙන ගම්සභා හන්දිය ආසන්නයේ.

Rate this item
(2 votes)
Last modified on Saturday, 08 January 2022 11:55