March 28, 2024

සුසිල් එළියට දැම්මේ ජොනීගේ පෙරැත්තයට : විපක්ෂයෙන් සොයා ගැනීමක්

සුසිල් ප්‍රේම්ජයන්ත මහතාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට මුල් වූ හේතුව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හෙළිදරව් කරනවා.

ඒ සමගි ජන බලවේග මන්ත්‍රී නලින් බණ්ඩාර මහතායි.

දැඩි බලපෑමක් කළ ඇමති

එම හේතුව මුල් කොටගෙන ප්‍රේම්ජයන්ත මහතාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට දැඩි බලපෑමක් කළ ඇමතිවරයෙකු ගැනද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරනවා.

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සංවිධායකවරයාව වන ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාව තැන් කිහිපයකදී විවේචනය කර ඇති බවයි මන්ත්‍රීවරයා අනාවරණය කරන්නේ.

ඇමතිගේ අධ්‍යාපන සුදුසුකම්

එහිදී විශේෂයෙන්ම ප්‍රේම්ජයන්ත මහතා ප්‍රශ්න කර තිබෙන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව බව මන්ත්‍රීවරයා හෙළිදරව් කරනවා.

ඒ නිසා ප්‍රේම්ජයන්ත මහතාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා දැඩි ඉල්ලීමක් ජනපති ප්‍රමුඛ ආන්ඩුවේ ප්‍රධානීන්ගෙන් කළ බවට තොරතුරු තමන්ට දැනගන්නට තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

Rate this item
(2 votes)
Last modified on Friday, 07 January 2022 16:28

Related items