April 20, 2024

තෙල් ටැංකි ගිවිසුමත් පත්තු වෙයි : ගම්මන්පිලට එරෙහිව ආණ්ඩුවට හිතැති ප්‍රසිද්ධ හිමිනම අධිකරණයට

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවේ සමාගමකට ලබා දීමට එරෙහිව අධිකරණය හමුවට ගොස් සිටින පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් යළි අධිකරණය හමුවට යෑමට සූදානම් වනවා.

ඒ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයා විසින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 14 ක් ඉන්දියාවට ලබා දීමට එරෙහිවයි.

කණ්ඩායම් කිහිපයක් සූදානම්

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි මුල් කොටගෙන සිදු වූ ගනුදෙනුව සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයන් තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බැවින් එම ගණුදෙනුවට එරෙහිව අධිකරණය හමුවට යෑමට කණ්ඩායම් කිහිපයක් දැනටමත් සූදානම් කර ඇති බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 14 ක් වසර 50 කට ඉන්දියාවට ලබාදීම සඳහා වූ ගිවිසුමට ඉකුත් 6 වැනිදා අත්සන් තැබුවා.

ආණ්ඩුව ගෙන ඒමේ පුරෝගාමියෙක්

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශාල කාර්ය භාරයක් කළ හිමිනමක්.

මෙම ගනුදෙනුව තමා මාස 16 ක් තිස්සේ සැලසුම් කළ බව ගම්මන්පිල අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා.

ඉන්දියාවට ලබා දුන් තෙල් ටැංකි 14 අක්කර 827 කට ආසන්න එම භූමියේ තිබෙන වඩාත් වටිනාම තෙල් ටැංකි බවයි ප්‍රකාශ වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 07 January 2022 11:03