April 20, 2024

රනිල්ගෙන් ඉල්ලීමක්! ඇමති දිනේෂ්ට දුරකතන ඇමතුමකුත් දෙයි

පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ කර ජනාධිපතිවරයා සිදුකරන මූලාසන කතාව පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් සඳහා අවස්ථාව ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමුකරමින්. 

පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර ජනවාරි 19, 20 හෝ 21 යන දිනවලදී විවාදය පැවැත්විය හැකි බවයි රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ.

ඉහත විවාදය සම්බන්ධයෙන් තමා ජනවාරි 3 වැනි දින සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ දුරකථනයෙන් කතා කළ බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කළේ පසුගිය දෙසැම්බර් 13 වනදායි.

ජනවාරි 18 වනදා පාර්ලිමේන්තුවේ මීළඟ වාරය නැවත ආරම්භකිරීමට නියමිතයි.

Rate this item
(1 Vote)