April 24, 2024

අමරපුර මහ නාහිමියන්ට මියන්මාර් රජයෙන් ගෞරව උපාධියක්

මියන්මාර් රජය මඟින් පිළිගන්වනු ලබන අභිධජ මහා රට්ඨගුරු උපාධිය මෙම වසරේ අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහා නායක අතිපුජනිය දොඩම්පහල චන්දසිරි මහනාහිමියන්ට පිරිනමා තිබෙනවා.

අග්ගමහා පණ්ඩිත උපාධිය සිතුල්පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියන්ටත්, ශාස්ත්‍රීය විශිෂ්ඨයන් වෙනුවෙන් පිරිනමන අග්ගමහා ග්‍රන්ථ වාචක පණ්ඩිත උපාධිය පශ්චාත් පාලි ආයතනයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමියන්ට ලබා දී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 January 2022 10:32