April 25, 2024

යාපනයේදී ලංගම බස් රථයකට ප්‍රහාරයක් (PHOTOS)

අද (05) අලුයම ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ බස් රථ රියදුරෙකුට සහ කොන්දොස්තරවරයෙකුට සිදු කල පහරදීමකින් ඔවුන් දෙදෙනා රෝහලගත කර ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

ඊයේ (04) රාත්‍රියේ නෙල්ලිඅඩි බස් නැවතුම්පලේදී නාදුනන පිරිසක් එකවරම නෙල්ලිඅඩි පේදුරුතුඩුව මාර්ගයේ ධාවනය වූ බස් රථයක් නවතා රියදුරුට සහ කොන්දොස්තරවරයාට අමානුෂිකව පහරදී පලා ගොස් තිබෙනවා.

අදාල පහරදීම සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලීසියට සිදු කල පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් පහරදීම් සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර අද අලුයම පේදුරුතුඩුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ ලංගම බස් රථයකට නෙල්ලිඅඩි පුරාපුරොක්කි මංසන්ධියේදී කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාර දෙකක් එල්ල කොට පලා ගොස් තිබුණු අතර ඉන් බස් රථයේ ගමන්කල කිසිවෙකුටත් හානි සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

නමුත් එම බස් රථයේ ඉදිරිපස වීදුරුවලට හානි සිදුව තිබෙනවා.

මෙම ප්‍රහාරයන්ට හේතු වී ඇත්තේ කලක සිට දෙපාර්ශවයක් අතර පැවති පෞද්ගලික ආරවුලක් බවටයි පොලීසිය සැක පල කරන්නේ.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් නෙල්ලිඅඩි පොලීසිය විසින් ආරම්භ කොට තිබෙනවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 05 January 2022 16:55