April 19, 2024

ඩොලර් මාරු කිරීම ගැන මහ බැංකු අධිපතිගෙන් නිවේදනයක්

මෙරට වාණිජ බැංකුවල ඇති ඩොලර් ගිණුම් වල මුදල් දේශීය මුදල් වලට මාරු කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට වාණිජ බැංකුවලට උපදෙස් දී ඇති බවට පැතිර යන වාර්තා සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඔහු කියා සිටින්නේ, මෙම ප්‍රචාරයන් රජය අපහසුතාවයට පත් කිරීම සඳහා සංවිධානාත්මකව සිදු කරන ඒවා බවයි.

කෙසේවෙතත් මෙරට වාණිජ බැංකුවල අනේවාසික සහ නේවාසික විදේශ මුදල් තැන්පතු ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයින්ගේ ගිණුම් වල ඇති තැන්පතු මුදලින් 25% ක් දේශීය මුදල් වලට මාරු කරන ලෙසට මහ බැංකුව විසින් දැනුම් දී ඇති බවට වාර්තා මීට පෙර පළ වුණා.

Rate this item
(0 votes)