April 25, 2024

ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී (PHOTOS)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (05) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගත්තා.

ශ්‍රී දළදා මාළිගාවට ගිය ජනාධිපතිවරයා දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබුවා.

මාළිගාව පරිශ්‍රයේ දී දළදා සමිඳුන් වන්දනා කිරීමට පැමිණි ජනතාවගෙන් ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් ලැබුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේ.

ජනතාව සමග කතාබහ කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසා බැලුවා.

May be an image of 5 people, people standing and indoor

 

May be an image of 6 people, people standing and outdoors

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 January 2022 13:08

Related items