April 23, 2024

ස්වාධීන රූපවාහිනි සභාපති ධූරය හිටපු මන්ත්‍රී නිරෝෂන්ට

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත් කර තිබෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අතින් ඔහුට අද (03) සිය පත්වීම් ලිපිය ලබා දී තිබෙනවා.

එම පත්වීම අද සිටම ක්‍රියාත්මක වන පරිදි ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

නිරෝෂන් ප්‍රේමරත්න මහතා මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රීවරයකු වන අතර ස්වාධීන රූපවාහිනීයේ මාධ්‍යවේදියෙක් හා නිවේදකයෙක් ලෙස ද කලක් සේවය කළා.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළේ ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන සුදත් රෝහණ මහතාය.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 04 January 2022 02:12