April 20, 2024

ගල්කිස්ස මුහුදේදී කිමිදුම්කරුවෙක් කිඹුලෙකුට බිලි

දෙහිවල මුහුදු තීරයේ කිමිදෙමින් සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි වෘත්තීය කිමිදුම්කරුවෙක් කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක් වී තිබෙනවා.

අද පෙරවරුවේ සිදු වූ මෙම ප්‍රහාරය හේතුවෙන් මියගොස් ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා කිඹුල් ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව ඔහු කළුබෝවිල රෝහල වෙත රැගෙන යන අතර මග දී මිය ගොස් තිබෙනවා. 

අත්තිඩිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම සිද්ධිය හටගත් ස්ථානය අවට මුහුදේ මෙහෙයුමක් දියත් කර ඇත්තේ, මෙම කරදිය කිඹුලා කොටු කර ගැනීම සඳහායි.

මීට පෙර අවස්ථා කිහිපයක දී දෙහිවල අවට මුහුදේ කරදිය කිඹුලන් සිටි බවට වාර්තා පළ වුණා.

මෙම කරදිය කිඹුලන් කොටු කර ගැනීම සඳහා වන ජීවි දෙපාර්තමේන්තුව නාවික හමුදාව හා එක්ව අවස්ථා ගණනාවක දී මෙහෙයුම් දියත් කළ ද එම මෙහෙයුම් සාර්ථක නො වූයේ එලෙස විටින් විට දර්ශනය වූ කිඹුලන් එම මුහුදු තීරයෙන් ඈත් වීම හේතුවෙන්.

Rate this item
(0 votes)
Last modified on Monday, 03 January 2022 20:59