March 29, 2024

"ගිවිසුමත්, අමාත්‍ය මණ්ඩලයත් නීති විරෝධීයි" සෝභිත හිමිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

සියලු ගිවිසුම් සම්මුති සියල්ලම ව්‍යවස්ථා විරෝධීයි සහ නීති විරෝධී බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අද (03) ඇඹිලිපිටියේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ හිමියෝ

"නමුත් අපට කියන්න තියෙන්නේ මේකට ඉතාමත් සරල විසදුමක් තියෙනවා. මේ සියලු ගිවිසුම් සම්මුති සියල්ලම ව්‍යවස්ථා විරෝධීයි නීති විරෝධීයි කියන බව. ඒකට ප්‍රධානතම සාධකය වන්නේ වත්මන් ඇමති මණ්ඩලය නීති විරෝධී වීම. එයට හේතුව වන්නේ 2020 ඔක්තොම්බර් මාසයේ සම්මත වුන විසිවෙනි ව්‍යවස්ථා සංශෝදනයත් සමග අලුතින් අමාත්‍යවරු දිවුරුම් නොදීම. 20වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාලව 53 වැනි පරිච්ඡේදයේ සදහන් වෙනවා අලුතින් අමාතයවරුන් දිවුරුම් දිය යුතුය කියල. එසේ දිවුරුම් දෙන තාක්කල් ඔවුන්ට නීත්‍යානුකූලව එම තනතුරේ කටයුතු කිරීමට නීත්‍යානුකූල බලයක් නැහැ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්ච්‍යකාර වරුන්ට එහෙම සම්මතයක් නැහැ ඔවුන් නිදහස්වෙලා තියනවා ඒ නීතියෙන්. නමුත් අමාත්‍ය මණ්ඩලයට මේ නීතිය අදාලයි.

ඒ අනුව විසිවෙනි ව්‍යවස්ථා සංශෝදනය සම්මත වීමත් සමගම ඒ සදහා කතානායක වරයා අත්සන් තැබීමත් සමග එවකට පැවැති ඇමති මණ්ඩලය ක්‍රියා විරහිත වෙනවා. ඒ අය ඒ ධූරවලින් ඉබේම ඉවත්වෙනවා. එසේනම් සිදුකල යුත්තේ නව ව්‍යවස්ථා සංශෝදනයට අනුව අමාත්‍ය මණ්ඩලය යලි දිවුරුම්දීමයි. නමුත් ඒ දේ සිදුවෙලා නැහැ. නමුත් එකක් පැහැදිලියි මුදල් අමාත්‍යාංශය විසිවෙනි සංශෝදනය යටතේ දිවුරුම් දීල තියෙනවා. මුදල් අමාත්‍යවරයා හැර අනෙකුත් අවනකුත් අමාත්‍යවරුන්ට තමන්ගේ අමාත්‍යාංශ වල කටයුතු කිරීමට නීතිමය බලයක් නැහැ.

ඒ අනුව මේ සාකච්ඡා කල සම්මුතීන් තීන්දු තීරණ සියල්ලම අවලංගුයි. අද තමන්ගෙම ඇමතිවරුන් පවා අදිකරණයට යනවා මේ අමාත්‍ය මණ්ඩලයෙන් ලන්නා ලද තීන්දු තීරණ වලට විරුද්ධව." යැයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 03 January 2022 14:12