April 25, 2024

ඇමැති සුසිල් පොළේ ගිහින් ආණ්ඩුවේ රෙදි ගලවයි! පෙරළිය ගැනත් කියයි

එළවළු මිලදී ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(02) දෙල්කද පොළට පැමිණ සිටිනු දක්නට ලැබුණා.

එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආණ්ඩුව දැඩිව විවේචනය කළා.

කරන්න බැරි දේවල් කරන්න ගොස් අද රටම අමාරුවේ වැටී ඇති බවයි එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ.

ආහාර අර්බුදයට අදාල විෂය භාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවද හෙතෙම සඳහන් කළා.

බඩු මිල වැඩි වීමට වෙළෙඳ ඇමැති කෘෂිකර්ම ඇමැති වගකිව යුතු බවත් කෘෂිකර්ම ඇමැති සම්පූර්ණයෙන්ම "ෆේල්" බවත් ඔහු ප්‍රකාශ කළා.

රටේ ඩොලර් නැතිනම් ඒවාට වගකිව යුතු වන්නේද ඩොලර් නැති කළ අය බවයි ඔහු පෙන්වා දුන්නේ.

පොහොර ටික නැති කළාම බඩු මිල ඉහළ යන එක කියන්නත් දෙයක් දැයි මෙහිදී ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුවේ සිටියත් ප්‍රතිපත්ති තීන්දු ගන්න ස්ථානවල තමා නැතැයිද සඳහන් කළා.

තමා බංකුවක තබා සිටින බවද කරන්න බැරි අය ඉවත් වී කරන්න පුළුවන් අයට රට බාර දිය යුතු යැයිද හෙතෙම කියා සිටියා.

මේ ප්‍රශ්නවලට විසඳුම් දිය හැකි කාලය ඉක්මවා ගොස් ඇති බවත් දැන් මේවාට විසඳුම් දිය හැක්කේ වෙනත් කණ්ඩායමකට බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 03 January 2022 00:00

Related items