April 19, 2024

මාරවිල 800 නත්තල් පාටිය රාජ්‍ය ඇමතිගේ වැඩක්

ජනතාව දැඩි ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙද්දී මාරවිලදී 800කට සුපිරි නත්තල් පාටියක් දීම සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.

මෙම සුපිරි නත්තල් පාටිය ලබාදී තිබෙන්නේ මතභේදාත්මක රාජ්‍ය ඇමැතිවරයකු වන සනත් නිශාන්ත පෙරේරා මහතා විසින්.

අය - වැය සම්මත කිරීම

එම නත්තල් පාටියට අය - වැය සම්මත කර ගැනීමට සහය දුන් මන්ත්‍රීවරුන් 157 ටම ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා මුලින් සැලසුම් කර තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු 53 දෙනාට පමණක් නත්තල් පාටිය ලබාදීමටයි.

එහෙත් එම වැඩ පිළිවෙළ වෙනස් කර තිබෙන්නේ ජනපතිවරයායි.

ජනපතිවරයාගේ යෝජනාව

එම නත්තල් පාටියට ආරාධනා කිරීම සඳහා නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ජනපතිවරයාට කතා කළ අවස්ථාවේ ජනපතිවරයා සඳහන් කර තිබෙන්නේ පසුගිය අය - වැය සම්මත කර කර ගැනීමට සහය දුන් මන්ත්‍රීවරු 157 ටම එම නත්තල් පාටියට ආරාධනා කරන ලෙසටයි.

ඒ අනුව එම 157 ට පමණක් නොව මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක නිලධාරීන්, රියදුරන් සහ මාරවිල අවට පොලිස් නිලධාරීන්ටද රාජ්‍ය අමාත්‍යවරයා ආරාධනා කොට තිබෙනවා.

මේ අනුව එම නත්තල් පාටියට සහභාගි වූ සංඛ්‍යාව 800 ඉක්මවූ බවයි දැනගන්නට තිබෙන්නේ.

කියවන්න: ආණ්ඩුව ඇතුළේ අවුල ඔඩුදුවයි! ගෝඨා,මහින්ද ආ ලොකු පාටිය මගහැරි පිරිස මෙන්න!

Rate this item
(10 votes)
Last modified on Monday, 03 January 2022 09:23

Related items