March 29, 2024

වැඩ වැරදි හිරේ ලගින ගන්දර පොලිස් ස්ථානාධිපතිට චරිත සහතික දෙකක් Featured

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට බලහත්කාරකමක් කිරීමට ගොස් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබි සිටින ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයාට චරිත සහතික ලබා දීම සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.

මීට පෙර මෙම පොලිස් ස්ථානාධිපතිවරයා සීඩී එක ලෙස සෑම ස්ථානයකදීම විනය විරෝධී කටයුතු වල නියැලුණු බවට චෝදනා එල්ල වීම මත ඔහුව පොලිස් දෙපාර්තමේන්තුවේ මුල්ලකට තල්ලු කර තිබූ බවයි දැනගන්නට තිබෙන්නේ.

පැමිණිල්ල ඉරා විසි කිරීම

වැල්ලවත්ත, පිටබැද්දර, මාතර, බගවන්තලාව පොලිස් ස්ථාන වල ඔහු රාජකාරි කරද්දි විනය විරෝධී කටයුතුවල නියැලී ඇති අතර වැල්ලවත්ත පොලිස් ස්ථානයේදී තමාට එරෙහි චෝදනාව ලියූ පැමිණිලි පිටු ඉරා විසි කර ඇති බවටත් තොරතුරු හෙළිදරව් වනවා.

ඒ හැරුණු කොට තමා යටතේ සිටි පොලිස් නිලධාරිනියන්ට ලිංගික බලපෑම් එල්ල කිරීම, තම බිරිඳ යැයි සඳහන් කරමින් වෙනත් කතක් පොලිස් නිල නිවසේ තබාගැනීම සම්බන්ධයෙන්ද චෝදනා බන්ධනාගාර ගත කර සිටින පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව එල්ල වී තිබෙනවා.

මේ ආකාරයට විනය විරෝධී කටයුතු කළ අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට චරිත සහතික දෙකක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

චරිත සහතික දෙකක්

ඉන් එකක් ලබා දී තිබෙන්නේ පොලිස්පතිවරයා බවයි දැනගන්නට තිබෙන්නේ.

අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා දක්ෂ, විශිෂ්ට, පළපුරුදු පොලිස් නිලධාරියකු ලෙස එම චරිත සහතිකයේ සඳහන්ව තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ හැරුණු කොට ඔක්තෝම්බර් 26 වැනි දින සඳහන් ලිපියකින් සරත් වීරසේකර මහතා යටතේ ඇති මහජන ආරක්ෂක අමාත්‍යාංශය සිද්ධියට සම්බන්ධ පොලිස් ස්ථානාධිපතිවරයා පළපුරුදු නිලධාරියකු ලෙස සඳහන් චරිත සහතිකයක් එක් කොට ඇති බවත් වාර්තා වනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 03 January 2022 00:06