April 20, 2024

ආණ්ඩුවේ පසු පෙල බාන හැටි ගැන හරීන්ට සජිත්ගෙන් නොව රනිල්ගෙන් උපදෙස්

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු වැඩි පිරිසක් දැඩි කලකිරීමකින් සිටින බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විපක්ෂයේ ප්‍රබලයෙකු සමග ප්‍රකාශ කොට තිබෙනවා.

මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගය නියෝජනය කලත් මේ කාරණය පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමගයි.

රනිල්ගෙන් ලැබුණු උපදෙස

එහිදී වික්‍රමසිංහ මහතා ආන්ඩුවේ පසුපෙල කලකිරුණු මන්ත්‍රීවරුන් සමග කටයුතු කළ ආකාරය ගැන හරින් ප්‍රනාන්දු මහතාට උපදෙස්ද ලබාදී තිබෙනවා.

ඒ එසේ කලකිරී සිටින මන්ත්‍රීවරුන් සමග දිගටම කතා කරන ලෙසටයි.

වික්‍රමසිංහ හා හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් අතර පැයක පමණ කාලයක සාකච්ඡාවක් සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

සාකච්ඡා වූ වෙනත් කරුණු

දෙදෙනා අතර මෙම හමුව සිදුව තිබෙන්නේ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ හිටපු ලේකම්වරයකු වූ රුවන් ෆර්ඩිනැන්ඩස් මහතාගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේදී.

එහිදී රටේ ආර්ථිකය මෙන්ම දේශපාලන වටපිටාව ගැනද සාකච්ඡා වූ බවයි දැනගන්නට තිබෙන්නේ.

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 4 ක සිර දඬුවමක් විඳින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන්ද දෙදෙනා අතර කතා බස් වූ බවත් වාර්තා වනවා.

Rate this item
(3 votes)
Last modified on Sunday, 02 January 2022 18:11

Related items