April 20, 2024

ජනපති මල්ලිගේ යෝජනාවට චමල් අයියා බැහැ කියයි

නව වසරේ සිදුවන කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳව ප්‍රකාශ වනවා.

එය ටික දිනකින් කල් ගොස් ඇති බවත් වාර්තා වනවා.

මතභේදාත්මක විෂය

එම කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මතභේදයට තුඩු දී ඇති කෘෂිකර්ම විෂය සිය වැඩිමහල් සොහොයුරා වූ චමල් රාජපක්ෂ මහතාට භාර දීමටයි ජනපතිවරයා බලාපොරොත්තු වී සිටි බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

චමල් රාජපක්ෂ මහතා යටතේ "වගා ලංකා වගා සංග්‍රාමය" පුළුල්ව ක්‍රියාත්මක කිරීම ජනපතිවරයාගේ ඉලක්කය වී තිබෙනවා.

ජනපතිවරයාගේ සැලසුම

එම සංකල්පයේ යටතේ වගා නොකර ඇති ඉඩම් හඳුනාගෙන ඒවා සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඉඩම් අමාත්‍යාංශයට උපදෙස් දීමයි ජනපතිවරයාගේ සැලසුම වී තිබෙන්නේ.

එහෙත් චමල් රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යධූරය ප්‍රතික්ෂේප කොට ඇති බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

වත්මන් කෘෂි ඇමති

මේ වන විට කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතායි.

කාබනික පොහොර ගොවිතැන හරහා ඇති වූ ප්‍රශ්න මත ඔහුව ගොවියන්ගේ දැඩි විවේචනයට මෙන්ම විරෝධයට ලක්ව තිබෙනවා.

චමල් රාජපක්ෂ මහතා මේ වන විට වාරිමාර්ග ඇමැති ධුරයට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරයද දරනවා.

Rate this item
(3 votes)
Last modified on Sunday, 02 January 2022 18:08

Related items