April 25, 2024

රනිල් අවමංගල උත්සවයේදී අනුර කුමාර ගැන කියපු මංගල කතාව

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන ජාතික ජන බලවේග වැඩ පිළිවෙළ ඇගයීමකට ලක් කොට තිබෙනවා.

ඒ ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමගයි.

අවමංගල්‍ය උත්සවයේදී මුණ ගැසීම

වික්‍රමසිංහ මහතා එම ඇගයීම සිදුකර තිබෙන්නේ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ ඉතා සමීප සගයකු මෙන්ම ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වූ රුවන් ෆර්ඩිනැන්ඩස් මහතාගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේදී ජයතිස්ස මහතා හමු වූ අවස්ථාවේදීය.

ජාතික ජන බලවේගය ඉදිරිපත් කොට තිබෙන රට නැංවීමේ යෝජනාවලිය අධ්‍යයනය කළ බවද වික්‍රමසිංහ මහතා එහිදී ජයතිස්ස මහතා හමුවේ සඳහන් කොට තිබෙනවා.

දියතලාවේ ගෙවූ නිවාඩුව

වික්‍රමසිංහ මහතා එම යෝජනාවලිය කියවා තිබෙන්නේ පසුගිය දිනවල දියතලාවේදී ගත කළ නිවාඩු දින කීපයේදී.

ජාතික ජන බලවේගයේ රට නැංවීමේ වැඩ පිලිවෙල හොඳ වැඩක් බවත් එය ඉදිරියට ගෙන යන ලෙසත් ජයතිස්ස මහතාට දැනුම් දී ඇති වික්‍රමසිංහ මහතා තමන් එම වැඩපිළිවෙලට සුභ පතන බවත් සඳහන් කොට තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 04 January 2022 09:18