April 20, 2024

තිත්ත ඇත්ත එළියට දාන්න යයි! "ආණ්ඩුවේ පැත්තවත් බලන්නේ නෑ" - පී.බීගේ විශේෂ ප්‍රකාශය මෙන්න

ජනපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ආණ්ඩුවේ ඇතුළේ අර්බුදය යළි මතුවීමට හේතු විය.

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු ගණනාවක් දිගින් දිගටම පී. බී. ජයසුන්දර ජනාධිපති ලේකම්වරයාට චෝදනා එල්ල කළේ ඔහුට හිතුමනාපයට වැඩ කරන බවට චෝදනා කරමිනි.

මේ අතර ජනාධිපති ලේකම් ධුරයෙන් තමාව නිදහස් කරන්නැයි ඉල්ලමින් ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබුණා.

තමන් මෙම ධුරය දැරූ කාලයේ දී මුහුණ පාන ලද ගැටළු හා දුෂ්කරතා ගැන ඔහු තම ලිපිය මගින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇතැයිද සදහන්.

යළි ආණ්ඩුවේ වැඩ නෑ

ඒ අනුව ජනවාරි මස 31 වැනිදා තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වීමට අවසර පතන බවද ඔහු සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඉන් පසුව නිහඩ පිළිවෙතක් අනුගමනය කළ අතර එම නිහඩතාවය බිඳිමින් සති අන්ත ජාතික පුවත්පතකට අදහස් පළ කර තිබුණා.

එම පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දී තිබුණේ ජනවාරි මස 31දා තමන් ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්‍රාම ලැබූ පසු රජයේ උපදේශක තනතුරක් හෝ වෙනත් කිසිදු රාජ්‍ය වගකීමක් බාරනොගන්නා බවයි.

තමන් රැකියා විරහිත උපාධිධරයකු නොවන බැවින් තවදුරටත් රජයේ තනතුරු අපේක්ෂා නොකරන බව පී.බී. ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

පී.බී රහස් පොතකට 

ජනාධිපති ලේකම් ධුරයෙන් සමුගත් පසු තමන්ගේ රාජකාරි අත්දැකීම් අලලා ග්‍රන්ථයක් සම්පාදනය කරන්නේ යැයි ඔහු එහිදී සඳහන් කර තිබුණා. 

එම ග්‍රන්ථයේ මූලික පරිච්ඡේද දැනටමත් ලියා අවසන් කර තිබෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන්ගේ ආණ්ඩුවල වගකිවයුතු ඉහළම තනතුරු දැරූ තමා ඉදිරි කාලයේ නිදහසේ සිටීමට අපේක්ෂා කරන බැවින් ඊට සැමගේ සහයෝගය අපේක්ෂා කරන්නේ යැයිද ජනාධිපති ලේකම්වරයා එහිදී සඳහන් කර තිබෙනවා.

අභිනව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාට තමන් සුබ පැතූ බවත් හෙතෙම මෙම තනතුර දැරීමට අත්දැකීම් හා හැකියාව ඇති කාර්යක්ෂම නිලධරයකු බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

එලියෙ ඉඳන් උදව්

අභිනව ජනාධිපති ලේකම්වරයාට අවශ්‍ය ඕනෑම සහායක් ඔහුගේ අවශ්‍යතාව පරිදි පිටත සිට ලබාදීමට කැමැති බවයි ආචාර්ය ජයසුන්දර මහතා අවසාන වශයෙන් සඳහන් කර තිබුණේ.

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වූයේ රටේ ආර්ථිකය කඩා වැටී ඇති අවස්ථාවකය.

පී. බී. ජයසුන්දර මහතා මෙරට ආර්ථිකය මෙහෙයවීම ආරම්භ කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ පාලන කාලයේදීය. ඉන්පසු රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ පාලන කාලය දක්වා විවිධ තනතුරු හොබවමින් රාජ්‍ය පාලනයේ මෙන්ම ආර්ථික පාලනයේත් කටයුතු කිරීමට ඔහු සමත් වුණා. ඔහු රාජ්‍ය සේවාවෙන්ද විශ්‍රාම යෑමෙන් අනතුරුවයි වර්තමානයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස 2015 වර්ෂයට පෙර කටයුතු කරන විට වත්මන් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඔහුගේ ක්‍රියාකාරිත්වය දැඩිව විවේචනය කළේ ‘‘ආර්ථික ඝාතකයෙක්’ යැයි කියමින්. 

බැසිල්ගේ උපදේශක

එවැනි අයකු යළි ජනාධිපති ලේකම් ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් පළ වුණා.

එබැවින් ආණ්ඩුවේ මැති ඇමැතිවරු මෙන්ම ආණ්ඩුව බලයට පත් කිරීමට මූලිකත්වය ගත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු බොහෝ දෙනකු කීවේ පී. බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කළ යුතු බවයි.

කෙසේ වෙතත් පී. බී. ජයසුන්දර මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කර ගැනීම මුදල් අමාත්‍යවරයාගේ අපේක්ෂාව වී ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 02 January 2022 18:17