April 25, 2024

අද එන්නත් ලබා දෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (01) දිනයේ ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 499 දෙනෙකු ඊයේ (31) දිනයේ දී හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 587,245ක්.

තවදුරටත් වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 11,772ක් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 560,494ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඊයේ (31) මෙරටින් නව ඔමික්‍රෝන් ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

සිය පර්යේෂණාගාරයේ සිදු කළ සාම්පල පරීක්ෂාවලදී මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර ඒ අනුව, එමගින් හඳුනා ගැනුණු මුළු ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45ක් බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත්, කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් මීට පෙර සනාථ කළ ඔමික්‍රෝන් ආසාදිතයින් 4 දෙනා ද සමග මුළු ආසාදිතයින් සංඛ්‍යාව 49ක් බවට පත්විය යුතුයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 01 January 2022 07:24