April 23, 2024

අඟ හිඟකම් වැඩි වෙයි - එළවළු හොරකමක් අතේ මාට්ටු (PHOTOS)

තමාගේ රථයේ තිබූ අමු මිරිස් සහ ලොකු ඵෑණු හොරකම් කර ඇතැයි පොලොන්නරුව ප්‍රදේශයෙන් පැමිණි සතිපොළ වෙළෙන්ඳෙකු ඊයේ (31) දඹුල්ල පොලීසියට පැමිණිලි කර තිබෙන බව වාර්තා වෙනවා.

අමු මිරිස් කිලෝවක් රුපියල් 810 බැගින් අමු මිරිස් කිලෝ 10 ක් සහ ලොකු ඵෑණු කිලෝවක් රුපියල් 185 බැගින් ලොකු ඵෑණු කිලෝ 25ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් මිලදී ගත් බවත් ඒවා මෙසේ හොරකම් කර ඇතැයි ඔහු පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

මෙම සොරකම් සිදු වන ආකාරය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක පිටුපස සවි කොට තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ආරක්ෂිත කැමරාවේ ඉතා පැහැදිලිව සටහන්ව ඇත්තේ මැදිවියේ තරුණයකු පැමිණ ලොරි රථයට ගොඩ වී එහි තිබූ ගෝනි කර තබාගෙන යන ආකාරයයි.

ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මෙවැනි දේවල් මින් පෙර කිසිදු දිනෙක සිදු වී නොමැති බවයි.

එම සිදුවීමේ සී.සී.ටී.වී දර්ශණ පහතින්,

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

 

Rate this item
(0 votes)
Last modified on Friday, 31 December 2021 23:31