April 19, 2024

පවිත්‍රා කෝ? සැබෑ ප්‍රවාහන ඇමති පවිත්‍රාද, දිලුම්ද?

December 30, 2021

ප්‍රවාහන කැබිනට් ඇමතිවරිය වන්නේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි.

එහෙත් ඇය එම ක්ෂේත්‍රයට අදාළ කිසිදු කටයුත්තකට සක්‍රීයව දායක වන බවක් පෙනෙන්නට නැහැ.

ඇමතිවරියගේ මැදිහත් වීම

එළඹෙන වසරේ ජනවාරි 5 සිට බස් ගාස්තු වැඩි කිරීමේ මෙන්ම මීට ටික දිනකට පෙර දියත් වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනයේදී පවා ඇගේ මැදිහත් වීමක් දකින්නට ලැබුනේ නැහැ.

මේ සියලු කටයුතු වලදී දක්නට ලැබුණේ බස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ මැදිහත් වීමයි.

ඒ අනුව වන්නිආරච්චි මහත්මිය නමට පමණක් ප්‍රවාහන කැබිනට් ඇමතිවරිය ලෙසත් දිලුම් අමුණුගම මහතා සැබෑ ප්‍රවාහන ඇමතිවරයා ලෙසත් කටයුතු කරන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ.

දැඩි කලකිරීම

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන ඇමැති ධුරයට පත් කිරීමට පෙර දැරුවේ සෞඛ්‍ය ඇමැති ධුරය.

එම ඇමති ධූරයෙන් තමාව ඉවත් කිරීම සම්බන්ධයෙන් වන්නිආරච්චි මහත්මිය පසුවන්නේ දැඩි කලකිරීමකින් බව ප්‍රකට කරුණක්.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 30 December 2021 00:32

Related items