April 19, 2024

බස් රාජ්‍ය ඇමතිගෙන් ජනතාවට තෑග්ගක් : මාස 14 ක් තුළ බස් ගාස්තුව 37% කින් ඉහලට

December 30, 2021

ජනවාරි 5 වෙනිදා සිට බස් ගාස්තු 17% කින් වැඩිකරන බව බස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කොට තිබෙනවා.

ඒ අනුව ගෙවුණ මාස 14 තුළ බස් ගාස්තුව 37% කින් වැඩි කිරිමට රාජ්‍ය ඇමතිවරයා පියවර ගෙන තිබෙනවා.

20% කින් ඉහළට

2020 නොවැම්බර් 12 දින බස් ගාස්තුව 20% කින් වැඩි කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා පියවර ගත්තා.

ඒ අනුව ගෙවුණ මාස 14 තුළ බස් ගාස්තු තුනෙන් එකකටත් වඩා වැඩි වී තිබෙනවා.

අවම ගාස්තුව රු. 14 සිට 17 දක්වා 22% කින් පමණ ඉහළ දැමීමට රාජ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

බස් හිමියන් සතුටු කිරීම

මේ සියලු බස් ගාස්තු වැඩි කිරීම් වලට පුද්ගලික බස් හිමියන් එකඟ වූ බවයි අමුණුගම මහතා සඳහන් කරන්නේ.

2020 නොවැම්බර් 12 මෙන්ම 2022 ජනවාරි 5 බස් ගාස්තු වැඩි කරන්නේ බස් මගින් ඉඳගෙන ගෙන යෑමේ පදනම මත බවටයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 December 2021 00:38