April 20, 2024

සංචිත ඉහළ ගියා - මහ බැංකු අධිපති සතුටෙන්

December 29, 2021

මෙරට විදේශ සංචිතය අද (29) දින වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා වර්ධනය වී ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, මෙම වසර අවසන් වන විට මෙරට සංචිත ප්‍රමාණය එම මට්ටමේම පවතිනු ඇති බවයි.

මෙම වසර අවසාන වීමට පෙර මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 3.5 කට ආසන්න වනු ඇති බව, මහබැංකු අධිපතිවරයා මීට පෙර සඳහන් කළා.

කෙසේ වෙතත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ ලබන ජනවාරි මාසය වන විට විදෙස් සංචිතයට තවත් ඩොලර් සංචිත ලැබීමට නියමිත බවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 December 2021 15:32