April 19, 2024

ඉල්ලා අස්වූ ජයසුන්දර පාර්ලිමේන්තු යයිද ?

December 29, 2021

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මේ වර්ෂයේ අවසාන දින සිය සේවයෙන් තවත් වීමට නියමිතයි.

2021 දෙසැම්බර් 31 සිට තමා ජනපති ලේකම් ධුරයෙන් ඉවත් වන බව දන්වමින් මේ වන විට ඔහු ජනපතිවරයාට ලිපියක් බාර දී ඇති අතර ජනපතිවරයාද එය පිළිගෙන තිබෙනවා.

ඉල්ලා අස්වීමේ ලිපිය

පී.බී.ජයසුන්දර මහතා ජනපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූයේ සිය කැමැත්තෙන් වුවද ඔහුට එම ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූයේ ඔහුට එරෙහිව රාජපක්ෂ පවුලේ වැඩිමලා වන චමල් රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් මෙන්ම ආන්ඩුවේ බොහෝ ඇමැතිවරුන්ගෙන් එල්ල වූ විරෝධය මතයි.

ජයසුන්දර මහතා ජනපති ලේකම් ධුරයේම තබා ගැනීමට දැඩි උත්සාහයක් ගත් රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ද සිටිනවා.

ඒ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා.

මීළඟට ලැබෙන දේ

වාර්තාවන තොරතුරු වලට අනුව ඉල්ලා අස්වන ජයසුන්දර මහතාට මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයක් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ලබාදීමට නියමිතයි.

ඒ අතර තවත් විශේෂ තොරතුරක් පිළිබඳ ආරංචියක්ද හෙළිදරව් වනවා.

ඒ ජයසුන්දර මහතාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ආර්ථික කටයුතු නමින් වගකීමක් පැවරීම පිළිබඳවයි.

එයද බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුමක් බවටයි ප්‍රකාශ වන්නේ.

රාජ්‍ය ඇමති පුරප්පාඩුව

මීට පෙර සිටි මූල්‍ය හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතාද මන්ත්‍රී ධුරයෙන් අස් වී මේ වන විට මහ බැංකු අධිපති ධුරය භාර ගෙන තිබෙනවා.

ඔහු දැරූ රාජ්‍ය අමාත්‍යධූරයටත් තවමත් කිසිවකු පත් කොට නැහැ.

බැසිල් රාජපක්ෂ මහතාට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ ජයන්ත කැටගොඩ මහතාට මේ වන විට යළිත් එම මන්ත්‍රීධුරය ලැබී තිබෙනවා.

ඒ ඔහුව කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමේ පුරප්පාඩුවට පත් කිරීම නිසා.

ඉදිරියේදී යළිත් වතාවක් කැටගොඩ මහතාට සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට වේදැයි කියන්නට බැහැ.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 29 December 2021 15:56