April 25, 2024

ගම්මන්පිලගේ ඉන්දීය ප්‍රේමය හෙළිවේ : තෙල් ටැංකි ගිවිසුම අත ළඟ

December 28, 2021

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල අයිතිය දැන් තිබෙන්නේ ඉන්දියාවට බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දිගින් දිගටම කළ ප්‍රකාශය දැඩි මතභේදයකට තුඩු දුන්නක්.

එහෙත් එය අසත්‍යක් බව විපක්ෂයේ මහජන නියෝජිතයින් පමණක් නොව ආණ්ඩුව නියෝජනය කරන සුසිල් ප්‍රේම ජයන්ත හා චන්දිම වීරක්කොඩි යන හිටපු ඛනිජතෙල් ඇමතිවරුන්ද ප්‍රකාශ කලා.

ඇමතිට එල්ල වූ චෝදනාව

ගම්මන්පිල ඇමතිවරයා මේ සම්බන්ධයෙන් එකම බොරුව සැමවිටම කියන්නේ ඉන්දියාවට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ලබාදීමට අවශ්‍ය පදනම ගොඩ නැගීමට බවටයි ඒ අවස්ථාවේ චෝදනා එල්ල වූයේ.

දැන් එහි අලුත්ම තත්ත්වය හෙලිදරව් වී තිබෙනවා.

ඒ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍ය වරයා ඉන්දියාවේ "ද හින්දු" පුවත්පතට කළ ප්‍රකාශයක් නිසා.

"ද හින්දු" කියූ කතාව

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීම ඉන්දියාව සමග එකතු වී කිරීමට කටයුතු සම්පාදනය කරමින් පවතින බව ගම්මන්පිල අමාත්‍යවරයා සිය පුවත්පතට ප්‍රකාශ කළ බවයි "ද හින්දු" පුවත්පත වාර්තා කර තිබෙන්නේ.

ඒ සඳහා වූ ද්විපාර්ශික ගිවිසුම ඉතා දිගු කාලීන පදනමක් මත අත්සන් කරන්නක් බවත් එය මසක් ඇතුළත අත්සන් කර අවසන් කරන බවත් පුවත්පත වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මාස 16 ක් පුරා ඉන්දියාව සමග සාකච්ඡා කළ බවත් ඒ අනුව ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුමේ කොන්දේසි අවසන් වීමට නියමිත බැවින් මාසයක් ඇතුළත එය අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව ගම්මන්පිල අමාත්‍යවරයා තම පුවත්පතට ප්‍රකාශ කළ බවයි එම පුවත්පත හෙළිදරව් කර තිබෙන්නේ.

ඇමති වුන දා සිට

තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමේ මාස 16 ක් පුරා ක්‍රියාත්මක වූ බව ඇමතිවරයා ප්‍රකාශ කළ බව හෙළිදරව් වීමෙන් සනාථ වන්නේ ඔහු බලශක්ති ඇමති ධූරයට පත් වූ දා තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමේ ව්‍යාපෘතිය යෙදී සිටි බවයි.

ගම්මන්පිල මහතා එම ඇමති ධූරයට පත්වූයේ 2020 අගෝස්තු මැතිවරණයෙන් පසු.

එනම් හරියටම මීට මාස 16 කට පෙර.

කැබිනට් මණ්ඩල අනුමැතිය

ඒ සඳහා ට්රින්කො පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම පිහිටුවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තමන් උපදෙස් දී ඇති බවත් ඒ සඳහා මීළඟ කැමත මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ගන්නා බවත් ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළ බව "ද හින්දු" පුවත් පත වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

කිලෝ ලිටර් 12000 බැගින් වූ ධාරිතාවකින් යුත් ගබඩා ටැංකි 99 කින් සමන්විත මෙම නව ගිවිසුමට අදාළ වේ යැයි "ද හින්දු" පුවත්පත හෙළිදරව් කර තිබෙනවා.

ඒ අනුව ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි සියල්ලම ඉන්දියාවට ලබා දීමට නියමිතයි.

ඉන් තෙල් ටැංකි 15 ක් මේ වන විටත් භුක්ති විඳින්නේ ඉන්දියාවේ අයිඕසී සමාගමයි.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 100 ක් තිබුණු අතර ඉන් එකක් විනාශ වූ බවයි වාර්තා වන්නේ.

එම තෙල් ටැංකියද යළි ප්‍රතිසංස්කරණය කළ බවත් ප්‍රකාශ වනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 December 2021 12:07