April 20, 2024

පී.බී.ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී! ජනපති ලේකම් ධූරයට නම් 3ක්

December 27, 2021

ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා පී.බී ජයසුන්දර මහතා මීට දින කිහිපයකට පෙර ලිපියක් යොමු කර තිබුණ ද ඊට ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.

ඉන්පසු සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පී.බී ජයසුන්දර මහතා විසින් තවත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි එම ආරංචි මාර්ග අනාවරණ කළේ.

පිටු 04 කින් සමන්විත එම ඉල්ලා අස්වීමේ ලිපියේ පී.බී ජයසුන්දර මහතා විසින් දීර්ඝ ලෙස කරුණු දක්වා තිබූ බව ද වාර්තා වනවා.

නම් 3ක්

මේ අතර නව ජනාධිපති ලේකම්වරයා ලෙස නම් 03 ක් යෝජනා වී ඇති බවයි එම ආරංචි මාර්ග අනාවරණ කළේ.

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක සහ දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන එස් අමරසේකර එම තිදෙනායි.

කෙසේ වෙතත් නව ජනාධිපති ලේකම්වරයා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස වාරිමාර්ග අමාතයංශයේ ලේකම් අනුර දිසානායක මහතා පත්කිරීමට නියමිත බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)

Related items