April 24, 2024

මේ තුන් කට්ටුව තමයි ජනපතිට ඔය ලණුව දුන්නේ : හිටපු ලේකම් වමාරයි

December 24, 2021

මහාචාර්ය උදිත ජයසිංහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා.

ඔහු මේ වන විට සිය ඉවත් කිරීම සම්බන්ධයෙන් හා වෙනත් කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය අමතා ප්‍රකාශ රැසක් කර තිබෙනවා.

නොමඟ යැවූ පිරිස

ඒ අතර ගොවීන්ගේ දැඩි විරෝධයට හේතුවී තිබෙන කාබනික පොහොර වගාව පිළිබඳ ජනපතිවරයා නොමඟ යැවූ පිරිසක් ඔහු හෙළිදරව් කර තිබෙනවා.

ඒ පිරිස ජනපතිවරයාට ලණුවක් දුන් බවයි හිටපු කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරන්නේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමි සමග වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහ ප්‍රියන්ත යාපා යන මහත්වරුන් එසේ ජනපතිවරයාට ලණු දුන් පිරිස බවයි ඔහු හෙළිදරව් කරන්නේ.

කියන්නා සහ අසන්නා

කියන්නා කුමක් කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බැවින් ජනපතිවරයාට වුවත් යමක් පැවසීමේ සීමාවක් තිබෙන බවයි ඔහු අනාවරණය කරන්නේ.

ස්ථිර ලෙසම නුදුරු අනාගතයේදී ආහාර හිඟයක් එන බව ජයසිංහ මහතා තහවුරු කරනවා.

එහි වගකීම ඉහත සඳහන් උපදේශකවරුන් ගත යුතු බව ජයසිංහ මහතාගේ මතය වන්නේ

Rate this item
(3 votes)
Last modified on Friday, 24 December 2021 16:10