දැන් ආණ්ඩුව නියෝජනය කරන තිස්ස කුට්ටිආරච්චි මහතා මතභේදාත්මක මන්ත්‍රීවරයෙක්.
අය - වැය විවාද කාලසීමාවේදී විවිධ මතභේදාත්මක සිද්ධීන්ට ඔහු මැදි වුණා.
මතභේදාත්මක සිද්ධීන්
විශේෂයෙන්ම ඔහු සමගි ජන බලවේග මන්ත්‍රීවරියක වන රෝහිණී කවිරත්න මහත්මියට අසභ්‍ය ප්‍රකාශ කිරීම කැපී පෙනෙන සිද්ධියක් වුණා.
මේ වන විට කුට්ටිආරච්චි මහතාට ඔහු විසින් ආණ්ඩු පක්ෂ රැස්වීම්වලදී ඉල්ලා සිටි ඉල්ලීමක ප්‍රතිඵල භුක්ති විඳීමට ලැබී තිබෙනවා.
පසුපෙළ මන්ත්‍රීවරුන්ට රජයේ නඩත්තුවෙන් වාහනයක් ලබාදෙන ලෙස ඔහු එසේ ඉල්ලා සිටි ඉල්ලීම වුණා.
ඉල්ලීමට ප්‍රතිචාර
මේ වන විට කුට්ටිආරච්චි මහතාට ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඔහු දැන් ගමන් බිමන් යන්නේ ඒ වාහනයෙන්.
තමන් ආණ්ඩුවට කඩේ ගිය නිසා ආණ්ඩුවෙන් වාහනයක් ලබාදුන් බවයි ඒ ගැන විමසන මන්ත්‍රීවරුන්ට ඔහු දී තිබෙන පිළිතුර වන්නේ.
ඔහුගේ එම ප්‍රකාශය නිවැරදි බව තහවුරු වන්නේ වෙනත් කිසිදු ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරයෙකුට එවන් වරප්‍රසාදයක් ලැබී නැති නිසා.
තිස්ස කුට්ටිආරච්චි මහතා පොදු ජන පෙරමුණට ඒමට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළා.