March 28, 2024

ඇමරිකාවට දෙන්න යන "යුගදනවි"ට සජබය ඇතුළු වෙයි

December 22, 2021

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ නිරික්ෂන චාරිකාවක අද (22) නිරත වුණා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී අලවතුවල, කවින්ද ජයවර්ධන, මුජිබර් රහුමාන් හා සුජිත් සංජය යන මහත්වරුන් මේ සඳහා එක්ව සිටියා.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා,

"යුගදනවි බලාගාරයට සතු රජයේ භාණ්ඩාගාරයේ පැවති 40% කොටස් විදේශ සමාගමකට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසා බැලීමට සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මෙහි පැමිණියා. යුගදනවි බලාගාරය නිරික්ෂණය කිරිමෙන් අතරතුර එහි නිළධාරීන් හමුවී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කරුණු විමසා සිටියා. යුගදනවි බලාගාරය  ලාභ ලබන ආයතනයක්.  මෙහි ක්‍රියාකරිත්වය ඉතාමත් හොදින් සිදු වෙනවා. කවදාවත් මෙහි සම්බන්ධතාවය බිඳ වැටිලා නැහැ. එයට හේතු වී ඇත්තේ මෙය ඉතා ඉහළ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන යන්ත්‍ර සූත්‍ර වලින් සමන්විත වීමයි. ඇමරිකාවේ සහ යුරෝපය නිෂ්පාදිත උපකරණ වලින් යුගදනවි බලාගාරය නිර්මාණය වී තිබෙනවා. මෙවැනි දේශිය වශයෙන් ක්‍රියාත්මක වන ආයතනයක් විනිවිදභාවයකින් තොරව 40%ක් විදේශ සමාගමකට විකිණීම ගැටලු සහගතයි. කිසිම බාධාවකින් තොරව මේගාවොට් 300ක විදුලිය ජාතික විදුලි පද්ධතියට එකතු කරන  යුගදනවි බලාගාරය විකුණා දැමීම සම්බන්ධයෙන් රජය ජනතාවට වගකිව යුතුයි."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 December 2021 22:22