April 25, 2024

තෙල් සංස්ථාවේ පාඩුවට හේතුව සුපිරි පොලු දෙකක් : පාඩුව රු. බිලියන 161 යි Featured

December 23, 2021

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අධික පාඩු ලබන බව බලශක්ති විෂය භාර අමාත්‍යවරයා වන උදය ගම්මන්පිල මහතා නිරන්තරයෙන් ප්‍රකාශ කරණ කරුණක්.

එම පාඩුව දරා ගැනීමට ඛනිජ තෙල් සංස්ථාවට බැරි නිසා තෙල් මිල ගණන් වැඩි කළ යුතු බවද ඔහු දින කිහිපයකට වතාවක් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා.

පාඩුවට හේතුව

ඛනිජ තෙල් සංස්ථාව සංස්ථාව මෙසේ පාඩු තැබීමට හේතුව හෙළිදරව් වී තිබෙනවා.

ඒ මෙරට ආයතන 2 කට ඛනිජ තෙල් ණයට ලබා දීම නිසා.

ලංකා විදුලි බල මණ්ඩලය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය එම ආයතන දෙක වෙනවා.

සමස්ත ණය ප්‍රමාණය

එම ආයතන දෙක විසින් ඛනිජ තෙල් නීති ගත සංස්ථාවට ගෙවිය යුතු සමස්ථ ණය ප්‍රමාණයේ වටිනාකම රු. බිලියන 161 ක්.

එනම් රුපියල් මිලියන 1,61,000 ක්.

ඉන් රු. බිලියන 96 ක් (රු. මිලියන 96,000) ලංකා විදුලි බල මණ්ඩලය විසින්ද රු. බිලියන 65 ක් (රු. මිලියන 65,000) ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල් ප්‍රමාණය වනවා.

මේ නිසා තවදුරටත් එම ආයතන 2 ට ණයට ඛනිජ තෙල් ලබා නොදීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කොට තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 22 December 2021 19:12