March 29, 2024

වහාම ආණ්ඩුවෙන් යන්න : කෑගලු සමුළුවේදී පාක්ෂිකයන් ශ්‍රීලනිප සභාපතිට කියයි

December 22, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වහාම ඉවත් විය යුතු බව පක්ෂ සභාපතිවරයා වන හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යළිත් දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ කෑගල්ල දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.ප සම්මේලනයේදී.

හිටපු ජනපතිගේ ප්‍රධානත්වය

එම සම්මේලනය නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා විසින් සංවිධානය කර තිබූ අතර එය පැවැත්වුණේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම රැස්වීම පැවැත්වීමට පෙර සියඹලාපිටිය මහතා කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි.ප සියලු සංවිධායකයින් හා පළාත් පාලන පළාත් පාලන නියෝජිතයින් කැඳවා ඔවුන්ගේ අදහස් හා යෝජනා විමසා තිබෙනවා.

පාක්ෂිකයන්ගේ මතය

ශ්‍රී.ල.නි.ප ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පැවැත්වූ එම රැස්වීමේදී ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයන් ආණ්ඩුවේ ගමන් මග දැඩිව විවේචනයට ලක් කර තිබෙනවා.

වහාම ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස එහිදී පාක්ෂිකයන් හිටපු ජනපතිවරයාගෙන් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.

එහෙත් සිරිසේන මහතා ඊට පක්ෂව හෝ විරුද්ධව ප්‍රතිචාර දක්වා නැහැ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 25 December 2021 09:52

Related items