April 25, 2024

රට විරුවෝ ලංකාවට ආව හින්දා විදේශ විනිමය අඩු වුණා (VIDEO)

December 20, 2021

කොවිඩ් තත්ත්වය හේතුවෙන් විදෙස් ගත ශ්‍රි ලාංකිකයින් නැවත මෙරටට පැමිණි බවත් එම හේතුවෙන් බලාපොරොත්තු වූ විදේශය විනිමය ලංකාවට නොපැමිණි බවත් මහමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මහනුවර අර්ල් රිජන්සි හෝටලයේදී අද (20) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළා.

අනුරගේ විරුද්ධ වීම පුදුමයි

යුගදනවි ගිවිසුම මගින් මෙරට විදුලි ඒකකයක මිල පැහැදිලි ලෙසම අඩුවෙන බව පැහැදිලිව දක්වා තිබියදී පීඩිත පන්තිය ගැන කතා කරන අනුර කුමාර දිසානායක මහතා එයට විරුද්ධ වීම පුදුමයක් බවත් හෙතෙම පෙන්වා දෙනවා.

ආසියාවේ විදුලි ඒකකයක් සඳහා වැඩිම අය කිරීමක් කරන්නේ මෙරට බවත් මෙය 50% කින් පමණ පහතට ගෙන ඒම ජනතාවට මෙන්ම කර්මාන්ත කරුවන්ටද වාසියක් බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

යුගදනවි ගිවිසුමට එරෙහි කැබිනට් ඇමතිවරු ගැන අදහස

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් ඇමැතිවරු පිරිසක් අධිකරණයට ගොස් තබෙන බවත් ඔවුන් එසේ කළේ පක්ෂ නායකයින්ද ලෙසද නැත්නම් ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරු ලෙසද යන්න පැහැදිලි නැති බවත් හෙතෙම අවධාරණය කළා.

නැවට නොගෙව්වොත් පාඩුයි

අසූචි නැවකට මුදල් ගෙවූ බව කියමින් විවේචන ඉදිරිපත් කිරීම පහසු බවත් ප්‍රබල රටක් අමනාප කර ගැනීම ඊට වඩා අවාසි බව අප තේරුම් ගත යුතුව තිබෙන බවත් කී ඒ මහතා අපට අවශ්‍යයම මොහොතක ඩොලර් බිලියන 1.5 ක් ලබා දුන්නේ චීනය බවත් ප්‍රකාශ කර සිටියා.

මේ අනුව ඩොලර් මිලියන 6.7 ක් ගෙවන්න කැබිනට් එක තීරණය කළ බවත් එය නොගෙව්වොත් ඊට වඩා විශාල පාඩුවක් රටක් ලෙස අපට සිදුවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

රට බංකොලොත් වෙන්න දෙන්නේ නෑ

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා විපක්ෂය ප්‍රාර්ථනා කරන ආකාරයට මේ රට බංකොලොත් වීමට ආණ්ඩුව කිසිසේත් ඉඩ නොතබන බව ප්‍රකාශ කර සිටියා.

කෝප් කමිටුව මගින් මේවන විට හෙළිදරව් කරමින් සිටින්නේ පසුගිය ආණ්ඩුවේ වංචා හා දූෂණ බවත් පාර්ලිමේන්තුව කල්දමා ඒවා යටපත් කිරීමට ආණ්ඩුවට කිසිදු වුවමනායක් නොමැති බවත් කී ඒ මහතා විපක්ෂය අද පදනම් විරහිතව ප්‍රකාශ නිකුත් කරන බවද අවධාරණය කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 December 2021 10:55

Related items