March 29, 2024

ඉන්දීය ධීවරයින් ලංකා මුහුද ආක්‍රමණයක? (PHOTOS)

December 20, 2021

මන්නාරම් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ධීවර යාත්‍රා 2 ක් ඊයේ (19) දින සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

උතුරුමැද නාවික විධානයේ නිරීක්ෂණ යාත්‍රාවක් මන්නාරම දකුණු දෙස මුහුදු තීරයේ සෝදිසි කරමින් සිටියදී අදාල ධීවරයින් නීතිවිරෝධීව මසුන් අල්ලමින් සිටියදී මසුන් සහ අදාල ධීවර යාත්‍රාද සමගින් ධීවරයින් පිරිස අත්අඩංගුවට ගැනීම සිදු වුණා.

ගෙවී ගිය දින දෙකක (18,19) කාලය තුලදී උතුරු සහ උතුරු මැද නාවික විධානයන් විසින් මන්නාරම සහ යාපනය මුහුදු සීමාවන්හි ඉන්දීය ධීවරයින් 55 දෙනෙකු සහ ඔවුන්ට අයත් ධීවර යාත්‍රා 08 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව විසින් කොවිඩ් වෛරසයේ අවධානම හේතුවෙන් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටි නමුත් දේශීය ධීවරයින්ගේ විරෝධතාවන් සහ කොවිඩ් අවධානම යම් පාලනයක් වීමත් සමග උතුරු මුහුදට අනවසරයෙන් පැමිණෙන ඉන්දීය ධීවරයින් නැවත අත්අඩංගුවට ගැනීම ආරම්භ කරන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් නාවික හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් තුලදී නිරෝධායන කොට ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව උතුරුමැද නාවික විධානය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)