March 29, 2024

අබ්දුල් කලාම් සම්මානය නියෝජ්‍ය කතානායකට

December 19, 2021

භාරතීය මහජන ජනාධිපති අබ්දුල් කලාම් සම්මානය නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාට හිමිව තිබෙනවා.

ඊයේ (18) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සම්මාන උළෙලේදී මෙම සම්මානය පිරිනමා තිබෙනවා.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා වශයෙන් රංජිත් සියඹලාපිටිය මහතා කටයුතු කාලයේදී පුනර්ජනනීය බලශක්තිය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා දරන ලද සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය හිමි ප්‍රදානය කර ඇතැයි වාර්තා වෙනවා.

සූර්ය බල සංග්‍රාමය, සුළං සංග්‍රාමය, සෑම නිවසකටම විදුලිය ඇතුළුව ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ඔහු කරන ලද අති විශිෂ්ට දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමන බව සම්මාන කමිටුවේ සභාපති ලීඩර් ඉන්දියා පදනමේ සභාපති ආචාර්ය හරි ක්‍රිෂ්ණා මහතා සම්මාන ප්‍රදානයට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

Rate this item
(0 votes)