April 24, 2024

පී බී ජයසුන්දර මගේ තේරීමක් නෙවෙයි - ජනපතිගෙන් රහසක් එලියට

December 18, 2021

මතභේදයට තුඩු දී තිබෙන පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයට පත්කර කරන ලෙස යෝජනා කර තිබෙන්නේ කවුරුන්දැයි හෙලිදරව් වී තිබෙනවා.

ඒ බැව් හෙළි කර තිබෙන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

ඇමති නිවසේ හමුව

එම හෙලිදරව්ව සිදුව තිබෙන්නේ රාජපක්ෂ සොහොයුරන් චමල් රාජපක්ෂ මහතාගේ නිවසේදී මුණගැසුණු අවස්ථාවේ.

මෙම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විදේශ ගතවීමට පෙර.

ඔවුන් එසේ මුණ ගැසී තිබෙන්නේ පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට.

ජනපතිගේ හෙලිදරව්ව

එහිදී ජනපතිවරයා පවසා තිබෙන්නේ තමන්ට පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධූරයෙන් ඉවත් කිරීමේ වගකීම තමන්ට ගත නොහැකි බවයි.

ඊට හේතුවද ජනපතිවරයා පෙන්වා දී තිබෙනවා.

ඒ ඔහුව එම ධූරයට පත්කර පත් කරන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වීම බවයි.

මුදල් ඇමතිගේ ඉල්ලීම

පී බී ජයසුන්දර මහතාව මේ අවස්ථාවේ ජනපති ලේකම් ධුරයෙන් ඉවත් නොකරන ලෙස එහිදී බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබෙන මුත් එය සාර්ථක වී නැහැ.

පී.බී.ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉවත් කොට බැසිල් රාජපක්ෂ මහතා යටතේ ඇති මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමටයි සාකච්ඡාවේදී රාජපක්ෂවරු තීන්දු කර තිබෙන්නේ.

Rate this item
(3 votes)
Last modified on Saturday, 18 December 2021 17:28